Saturday, October 11, 2014

කවුද මේ ශක්‍ර දෙවියෝ

චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. සක‍්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡුවි කුමාවරුන් සක‍්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ සක‍්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.
එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුනා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප‍්‍රසිද්ධ වුනේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. ඒ වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.
”පින්වත් මහණෙනි, සක‍්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුනා. ඒ ගුණ ධර්ම හත නම් මේවාය.
1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.
2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.
3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.
4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.
5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් ඒ ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා.
6. දිවි තිබෙන තුරා මං සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා.
7. දිවි තිබෙන තුරා මං ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් ඒ ක්ෂණයෙන්ම මං ඒ අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.
මෙන්න මේ ගුණයෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුනේ.”
මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක‍්‍ර දෙවියන් බවට පත්වුනා. මෙම ශක‍්‍ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා.
”පින්වත් මහණෙනි, ශක‍්‍ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලු දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප‍්‍රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක‍්‍රමාණුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්‍යාග කිරීමයි. ඒ වගේ ම ශක‍්‍ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක‍්‍ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. ඒ වගේම ශක‍්‍ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. ඒ අසුර කුමාරිකාව ශක‍්‍ර දෙවියන්ගේ බිසව බවට පත්වුනා. ඒ නිසයි සුජම්පති කියන්නෙ. ශක‍්‍ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප‍්‍රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්‍ය රාජ්‍යයේ අධිපති බවට පත්වීමයි.”
මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ‍්‍රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුනා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. වැඩි විස්තර මෙතනින්

විෂ්ණූ කතරගම ආදී දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?


ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි. සරණ ගමන දෙකක් ඇත්තේය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්යසත්‍යය ප‍්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමී ආනාගාමී අර්හත් යන ආර්ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස් ව පවතින්නේ ය. ආර්ය පුද්ගලයෙකු කාලක‍්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේය. පෘථක්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිළිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.
”ලෞකික සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤණ සංසය මිච්ඡුාඤණාදිහි සංකිලිස්සතී ” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත‍්‍රය කෙරෙහි නො දැනීම ය. සැකය , වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත‍්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනාගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සව_ඥ ද? නැත් ද? අසවල් කරුණ බුදුනට නොපෙනුනේ මන් ද? රත්නත‍්‍රයෙන් පිහිටක් ඇත් ද? නැත් ද? යනාදීන් පහළ වන සැකවලිනි.
ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත‍්‍රය අතහැර දැමීමෙන් ද දේව බ‍්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණගමනය සේ භවාන්තරයට නොයන්නේ ය. රත්නත‍්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වමන්සේ ගේ ධම_ය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. වෙනත් පිළිවෙලකට කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීමයි.
ආහාර පාන සපයා ගැනීම
ඇඳුම් පැළදුම් සපයා ගැනීම
ගෙවල් දොරවල් යාන වාහන සපයා ගැනීම
පුරුෂයන්ට භාර්යාවන් සොයා ගැනීම
ස්ත‍්‍රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම
දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම
නැති වූ අය සොයා ගැනීම
නැති වූ බඩු සොයා ගැනීම
රෝග සුවකර ගැනීම
ග‍්‍රහ අපල දුරු කර ගැනීම
රෝග සුවකර ගැනීම
ග‍්‍රහඅපල දුරුකර ගැනීම
සතුරු උවදුරු නැතිකර ගැනීම
අමනුෂ්‍ය භය, ඇස්වහ කටවහ දෝෂ නැතිකර ගැනීම
සූනියම් දෝෂ නැතිකර ගැනීම
විභාගවලින් සමත්වීම
යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත‍්‍රයෙන් සිදු කරගත නොහැකි ය. එ්්වාට අන් පිහිටවල් සොයා ගත යුතුය. එ් උවමනා ඉටුකර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසෙකුගෙන් හෝ යකෙකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නොවන්නේ ය. ආහාරපාන සොයා ගැනීමී ආදී සෑම කරුණකට ම රත්නත‍්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමකි.
බෞද්ධයන් විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේත් රෝග සුවකර ගැනීම, අපල දුරුකර ගැනීම්, නඩුහබවලින් නිදහස් වීම් ආදි කරුණුය.
එ් දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් එ්වාට උපකාර ලබා ගැනීම වෙදමහතෙකුට, නීතිඥයෙකුට, වෛඥයෙකුට, ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි.
දෙවියන් සතුටුකොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත‍්‍රයේ පිහිට ම නොසොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතුය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නොවෙති.
බෞද්ධයා විසින් සෑමදෙයට ම රත්නත‍්‍රයේ පිහිට ම සෙවිය යුතුනම් වෙදමහතුන්ගේ, නැකැත්කරුවන්ගේ, නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නොකළ යුතු වන්නේ ය.
රෝග බිය, අමුනුෂ්‍ය බිය ආදිය දුරුකර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම එ්වා කරගත යුතුය කියා උන්වහන්සේ ගේ නියමයක නැත්තේ ය.
භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය.
අමනුෂ්‍ය බිය දුරුකර ගැනීමත් පිරිතෙන්ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත.
තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්‍යබාධායක් හටගත්තේ ය. ආචාෙර්යා්පාධ්‍යායයන්ට එ් භික්ෂුව ගේ රෝගය සුවකළ නොහැකි විය. එ් භික්ෂුව තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරුමස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. එ් කාරණය භික්ෂූහු සර්වඥයන්වහන්සේට සැළ කළහ. එකල්හි උන් වහන්සේ ”මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි එ්වායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරුකර ගනිව්ය” යි නො වදාළ සේක. ”අනුජානාමි භික්ඛවේ අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොභිතං” යි වදාරා එ් භික්ෂුව කළ දෙය ම ස්ථීර කළ සේක.
”පුන ච පරං මහානාම කුලපුත්තෝ උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ෙධිහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොත් ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං දෙවතානුකම්පතස්ස මහානාම කුලපුතත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි” යනුවෙන් ”මහානාමය, තුලපුත‍්‍ර තෙමේ දෑතේ විර්යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, සිතින් ආදරය කෙරේද, පූජා කෙරේද, එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ එ් දේවතාවෝ එ් කුලපුත‍්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නා හ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත‍්‍රයා හට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය” යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නොකළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ . ඉතිරිය මෙතනින්

රංවල දෙවියන්

රංවල රන් දෙවියන් වූ හිඟුරල ගමේ තොටියා

කොළඹ – අවිස්සාවේල්ල මහා මාර්ගයේ පුවක්පිටිය – හිඟුරල ‘රන්දෙවි දෙවොල’ සහ ශ්‍රී මහා විහාරස්ථ රන්දෙවි දහම් පාසල වර්තමානයේ බෙහෙවින් ම අනුහස් සහිත ජන ආකර්ෂණයට ලක්වූ - චිත්ත සමාධිය වඩවන රමණීය පුද බිමකි.
මේ ස්ථානය පසු කැර ය’නෙන රියැදුරන්ගෙන් වැඩි පිරිසක් මොහොතකට මෙහි නතරවී පඬුරක් පූජා කර ටිකක් විවේකයක් ගෙන යෑම සාමාන්‍ය දෛනික සංසිද්ධියකි.
රංවල රන්දෙවි දෙවොල මෙතරම් ජන ආකර්ෂණයකට ලක්වී ඇත්තේ එම දේව ප්‍රතිමාවට ගරු සැලකිලි දක්වා පඬුරක් දමා යෑමෙන් තම ගමන නිරුපද්‍රිතව නිමා කිරීමට ‘දේව බැල්මක්’ ලැබෙන බවට ප්‍රචලිතව තිබීම වේ.
රන් දෙවියන් ලෙස වර්තමානයේදී සලකනු ලබන්නේ ඈත අතීතයේදී හිඟුරල ගම මැදින් ගලාබසිනා නදියෙහි මගීන් එගොඩ මෙගොඩ කළ තොටියෙකැයි කියනු ලැබේ.
මෙම තොටියා මිනිස්කමට එහා ගිය තරම් කාරුණික හදවතක් ඇති කෙනෙකු බව ද, ඔහුගේ මරණයෙන් පසු ගම්වාසීන් ගං ඉවුර දිගේ ‘පුහුල් පන්දම්’ වෙසෙසක් දල්වා උපහාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දේවත්වයට පත්වූ බව ද ජනප්‍රවාදයෙහි එයි.
රන්දෙවොල භූමියේ පිහිටි රන්දෙවි විහාරය සහ රන්දෙවි දහම් පාසල ප්‍රදේශවාසී උවසු උවැසියනට – දරු දැරියනට ‘දහම් පණිවුඩ’ බෙදා දෙන තෝ තැන්නක් වැන්න.
විහාරාධිපති සියනෑ - හේවාගම් හාපිටිගම් කෝරලත්‍රයේ ප්‍රධාන සංඝ නායක මාදන්වල ආනන්ද නාහිමියෝ මෙම ස්ථානයේ දියුණුවේ ප්‍රදිපස්ථම්භය වේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පූජාභූමි සංවර්ධන හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විහාරය සතු භූමිය පූජා භූමියක් බවට පත් කර, දෙමහල් ධාතු මන්දිරය සහිත රන් ආලේපිත රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඟසතු කර සම්බුද්ධ ශාසනයට පූජා කැර ඇත.

                                                                      රංවල දෙවියන්

රන්වල දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින්නේ ඇයි?
******************************************************
ගම්පහ දිසාවෙන් මතු වූ රන්වල දේව ඇදහීම ලංකාවේ සෙසු සියලුම දේව ඇදහිලිවලට වඩා සුවිශේෂත්වයක් ගන්නවාය කීවොත් එය නිවැරදියි. එයට හේතු රාශියක් තිබෙනවා. රන්වල දෙවියන් අපේ රටේ ප්‍රමුඛ පෙළේ දෙවි කෙනෙක් ලෙස සැළකෙන්නේ නැති බව ඇත්ත. රන්වල දෙවිඳුන් අයත්වන්නේ ප්‍රාදේශීය, ගම්හිමි, ගම්බාර දේවතා ගණයට. නමුත් මෙහිදී ‛ගම්බාර’ යනුවෙන් මා සඳහන් කරන්නේ ‛සුද්ධ සූනියම් ගම්බාර දෙවියන්’ නොවේ. සුද්ධ සූනියම් ගම්බාර දේව සංකල්පය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුලුවන්. නමුත් රන්වල දේව ඇදහීම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ ප්‍රදේශ කිහිපයකටත්, කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් ප්‍රදේශ කිහිපයකටත් සීමා වූ දෙයක්. නමුත් මේ ප්‍රාදේශීය දෙවියා පිළිබඳ විශ්වාසය වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එයට හේතුව මාර්ග අංක ඒ 4 (A4) ට අයත් කොළඹ - රත්නපුර මහා මාර්ගය අබියස ඇති ‛පහන ළඟ දෙවොල’ විය හැකි බවයි අපට ආසන්න වශයෙන් නිගමනය කළ හැක්කේ. නමුත් ඒ 3 (A3) කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය අද්දරත් මෙවැනි ප්‍රදේශීය දෙවිකෙනෙකුගේ දේවාලයක් තිබෙනවා. ඒ තමයි හලාවතට නුදුරු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි ‛තනිවැල්ලේ දේවාලය’. මෙහි ඇදහෙන්නේ කෝට්ටේ යුගයේ අප රටේ ප්‍රාදේශීය පාලකයකුව සිටි ‛තනිය වල්ලභ’ කුමාරයායි. නමුත් ප්‍රධාන පාරක් අද්දර පිහිටි නිසාම තනිවැල්ලේ දෙවියන් පිළිබඳ විශ්වාසය රන්වල දේව විශ්වාසය තරම් ප්‍රබල ලෙස පැතිර ගොස් නැහැ. රන්වල දෙවියන් සහ තනිවැල්ලේ දෙවියන් අප රටේ කිසියම් කාලයක ජීවත් වූ සැබෑ චරිත දෙකක්. තනිවැල්ලේ දෙවියන් කෝට්ටේ යුගයේ ජීවත් වූ ප්‍රාදේශීය නරපතියකු වගේම රන්වල දෙවියන් ඊට පසු යුගයක ජීවත් වූ සාමාන්‍ය ගැමියෙක්. නමුත් මේ දෙදෙනාම ‛මුත්තා’ යන නමින් හැඳින්වෙනවා. රන්වල දෙවියන් ‛රන්වල මුත්තා’ යනුවෙනුත් තනිවැල්ලේ දෙවියන් ‛තනිවැල්ලේ මුත්තා ’ යනුවෙනුත් හැඳින්වෙනවා.

දුර්ගා දේවීය

සෙත ශාන්තිය සලසන දුර්ගා දේවීය

ඉපැරැණි දේව කථාවල සඳහන් වන්නේ දුර්ගාදේවී මෙලොවට පහළව ඇත්තේ මිනිස්‌ සත්වයාගේ සියලු දුක්‌ කරදර නිවා දුෂ්ඨ බව, දුර්භික්‍ෂයන් හා ග්‍රහ මඬුල්ලෙන් සිදුවන මාරක ඒරාෂ්ඨක අපල උපද්‍රාවන් දුරුකර ශාන්තියක්‌ සෙතක්‌ උදාකර ලීමටය. භාරත ඉන්දියානු හින්දි භක්‌තිකයන් වගේම සිංහල බෞද්ධයන් තමාගේ දුක්‌ කරදර ආදියෙන් මිදී සැපත කරා පිය නගන්නට අදත් දුර්ගාදේවී සඳහා පුද පූජා පවත්වති.
ඉපැරැණි භාරතීය දේව පුරාණ කථාවල සඳහන්ව ඇත්තේ සුර අසුර යුද්ධයේදී දැඩි කෝපයට පත් වීමේදී මහේෂ්වරී දෙවඟනගේ හිසෙන් දුර්ගා දේවිය මෙලොව උපත ලැබූ බවත්, එසේ පහළවී අත්දහයක්‌ හා සිංහ වාහනයක්‌ මවාගෙන ඒ අත් දහයට කඩුව, දුන්න, හෙල්ල, ත්‍රිශූලය, තැටිය, තෝමරය, අංකුසය, යදම්වැල, සංඛය, කෙටේරිය කින් යුක්‌තව මහා බල ඇති දුර්ගා දේව අවතාරය අසුරයාගේ හිස ගසා සියලු දුක්‌, බය, දුර්භික්‌ෂය නැති කළ බවත්, අසුර සංහාරය කළ බවත් කියෑවේ. එනිසා අදත් භාරතීය මෙන්ම ලක්‌දිව වෙසෙන හින්දු භක්‌තීන් ඇය සිහි කිරීම සඳහා දේවාලවල පළමුව පවත්වන නව රාත්‍රි දිනය ඒ සඳහා වෙන්කොට ඇත. මෙම පූජාවේදී මුල්ම දින තුන දුර්ගාදේවිය සඳහාද, ඊළඟ දින තුන ලක්‍ෂ්මී වත මහා ලක්‍ෂ්මී දේවිය සඳහාද, සරස්‌වතී දේවිය සඳහා අවසාන දින තුනද වෙන්කොට පූජාවන් පවත්වති.
මෙම දුර්ගාදේව පිදුම් පැරැණි පාරම්පරික ක්‍රමයන් අනුගමනය කරමින් පවත්වා තම සතුරු කරදර, උවදුරු හා කපා ඉවත් කරන්ට බැරි කොඩිවින දොaෂයන් බංගකර ඒරාෂ්ඨක මාරක ග්‍රහ අපල දුරුකර නිරෝගිබව ආයුෂ හා සෙත සැලසී සෞභාග්‍ය ළංකර ගැනීමට හැකි බව පැවසිය හැකිය.

                                                                           දුර්ගාදේවී

මෙම පූජාවන් පැවැත්වීමේදී පළමුව ඒ සඳහා වෙන්කළ ස්‌ථානයක උතුර, ඊශාන, නැගෙනහිර දෙස සුදු හඳුන් එලගොම, සහ මිශ්‍රකර කිලිවලින් පවිත්‍ර වීමට කිලිහරණය වීමට සැම තැනම ඉස අඩි තුනක්‌ උසැති මල් යහනාවන් හදා සුදු පිරුවටයක්‌ එලා ඇඹුල් කෙසෙල් දලු එලා නෑඹුල් කොතලයක්‌ ගෙන එයට අලුත් ළිඳකින් ජලය පුරවා බුලත් කොළ හතක්‌ නෙළුමක්‌ ආකාරයට තබා ඒ මත කවාකාරව සුදු කැකුලු හාල් හෝ තණ හාල් අතුරා කොතලය එහි තබා එය තුළට පුවක aමල්, පොල්මල් දමා පුන්කළසක්‌ ලෙස සකසා ඒ මත මුඩ්ඩ උඩට සිටින සේ පොල්ගෙඩියක්‌ ගෙන එහි තබා එහි මැද කහ, හඳුන් මිශ්‍ර තිලකයක්‌ තියා, තම නළලතද තිලකයක්‌ තියා තුල්සි කොළ හතක්‌, බෙලිකො හතක්‌ කොහොඹ කොළ හතක්‌ එකට අමුණා මල්මාලයක්‌ තනා මුට්‌ටිය කට වටේ පළඳවා ත්‍රිකෝණාකාරව ඊශ්වර, ගණේෂ මහේෂ්වරී වෙනුවෙන් අබ තෙල්, කොහොඹ තෙල්, එළඟිතෙල් පහන් තුනක්‌ දල්වා සුවඳ කූරු, සාම්බ්‍රානි, කපුරු දුම් ආදිය දල්වා සුවඳ දී මෙම මාන්ත්‍රය තුන්වරක්‌ කියවන්න. කපුරු පහනක්‌ දල්වා අතට ගෙන
"ඕම් කාර පංජර සුහිම් උබනිෂ්ෂදු දුක්‌යාන කේල කාල කන්ඩීම් ආහම පිපින මයුරීම් අයර්ය මන්දර් වීපාවයෙත් ගෞරීම්,
මෙය කියවා සුදු මල් ගෙන එක මල බැගින් දමන්න. මේ මන්ත්‍රය තුන්වරක්‌ හෝ හත් වරක්‌ කියන්න. මෙසේ දින නවයක්‌ කියවා පූජාසනයේ ඇති පොල් ගෙඩිය බිඳ කළයේ ජලය සමඟ මිශ්‍රකර හිස සිට දෙපතුල දක්‌වා ශරීරය දොaවනය කරන්න. නිවසෙහි භූමිය හැමතැන ඉසින්න. ඔබටත් ඔබ පවුලේ සැමටත් සියලු දුර්භාග්‍ය දුරුවී මහා ශාන්තියක්‌ සෙතක්‌ උදාවේ. තමාගේ භූමියේ ඇති කපන්නට බැරි කොඩිවින පුපුරා යයි යක්‍ෂ, භූත, අමනුෂ්‍ය මල පෙරේතයන් පලායයි. හිර බන්දන කටු ගැසීන්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, කැපීයයි. නපුරු මාරක ග්‍රහ අපල තුරංවෙයි. සතුරු කරදරවලට සතුරාගේ නම කහ කොළයේ ලියා දින නවයක්‌ පහනේ තබන්න. සතුරාගේ නම සිහිකර පොලය බිඳින්න. දඬුවම් ලැබේ.
දුර්ගා ජප මන්ත්‍රය
ඕම් මහේෂ්වරාය නමහ්
ඕම් ඊශ්වරාය නමහ්
ඕම් ඝණේෂාය නමහ්
ඕම් අත්ත ප්‍රණාය නමහ්
ඕම් අභයස්‌ ප්‍රදාය නමහ්
ඕම් දයා කර්ථ යෛ නමහ්
ඕම් කල්‍යානෙ යෛ නමහ්
ඕම් උමාදේවී යෛ නමහ්
ඕම් අජායෙ නමහ්
ඕම් අක්‍ෂා යෛ නමහ්
ඕම් අභයචක්‍ර පුදුයෛ නමහ්
ඕම් ත්‍රි පුර සුන්ද යෛ නමහ්
ඕම් මහා විද්‍යායයි නමහ්
ඕම් රාඡේශ යෛ නමහ්
ඕම් මහා ශක්‌ති යෛ නමහ්
ඕම් තිරුබා යෛ නමහ්
ඕම් කාමේශ්වරී යෛ නමහ්
ඕම් විජයා යෛ නමහ්
ඕම් හුවෙක්‌ත දුක්‌ක හරි යෛ නමහ්
ඕම් භවාත යෛ නමහ්
ඕම් සමනොතින් යෛ නමහ්
ඕම් ත්‍රිහුනා යෛ නමහ්
ඕම් දුර්ග්‍ය යෛ නමහ්
ඉහත සඳහන් පරිදි මෙය කියවා අවසානයේදී කපුරු පෙති දල්වා මෙය තෙවරක්‌ කියවන්න.
ඕම් ශ්‍රී ලලිඳු මහා ත්‍රි පුර සුන්දරී පරා පට්‌ටාරි හා ශ්‍රී පාදකම් පූජයාමි නම( තර්පයාං නම(
ඉන්පසු තම අදහස කාරණය කියා හිතා, මෙයද තෙවරක්‌ ගායනා කර නිමා කරන්න.
"ගාත් යානය විද් මහේ කන්‍යා කුමරී ධී මහී තත්නො දුර්කිප් ප්‍රවොද යාමී

මෙයින් ප්‍රතිඵල හරියටම ගන්න ගව මස්‌ කෑමෙන් වළකින්න. අධාර්මිකයන්ට පලත්තුත ධාර්මිකයන්ට ඵලක්‌ ඇතිවී සෙත සැලසේ.

Friday, October 10, 2014

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවියනේ

මතු බුදුවන්නා වූ ශ්‍රී බුද්ධ බල ඇති ගුරුලාසනයෙහි වැඩ සිටින නීල වර්ණයෙන් බබළන්නා වූ මහා බලවත් ආයුධ සතරක්‌ ඇති දස අවාතාර ඇති ලංකා රක්‍ෂක සර්ව බලධාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,
මාහට ඇත්තා වූ අණ විණ, කොඩි විණ, හදි හූනියම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, ඇස්‌වහ, කටවහ, හෝවහ, අඬෝ වැඩියා ආදී දෝෂයන් දුරුකර දෙන සේක්‌වා. යම් හෙයකින් නවග්‍රහ මණ්‌ඩලයේ රවි - චන්ද්‍ර - කුජ - බුධ - ගුරු - ශුක්‍ර - ශනි - රාහු - කේතු යන නවග්‍රහයින් විසින් ඇති කරන්නා වූ යම් අපලයක්‌ වේ නම් ඒවාද දුරු කර දෙන සේක්‌වා.
මල්, පහන්, සුවඳදුම් පුදා පිං අනුමෝදන් කර කියා සිටින්නා වූ දුක්‌ ගැනවිලි දෙස දිව කන්යොමා අසා දිවැස්‌ දිෂ්ටියෙන් බලා සකල රෝග, සකල දෝෂ සකලෝපද්‍රවයන් නිවාරණය කර සකල කාර්යයන් සාර්ථක කරදී මාරක බාධක ඒර්ෂ්ටක, ග්‍රහදෝෂ, දුරුකරවා සර්ව ආරක්‍ෂාව ඇති කර සෞභාග්‍ය උදා කර දෙන සේක්‌වා.

විශ්නු දෙවියන්ට පින් දෙන ගාථාව

සම්බුද්ධ සාසනවරං යතිපුංගවංච
සම්පාලනාය පටිලද්දවරො මහිද්ධි
පුඤ්ඤානිමානි අනුමොදිය වාසුදෙවො
පාලෙතු මං සත්තසාතා හිතා වහන්තො




ශ්‍රී විෂ්ණු දෙවියන්ට සෙත් කවි

1. කරුණා හදකින් ලොව සනසන්නට
පුරනා බුදුකුරු දම් බැතියෙන් තුට
රමණා වේ සුරිදේ මෙගැතින් හට
රැගෙනා පින් සිරි සෙත් සලසන්නට 

2. මහමෙත පතුර සත වෙත සෙත සැදීමට
නිසි යුත පෙරුම් දම් සපුරන බුදු බවට
සිරිමත නිලග සුරිදේ මේ ගැතින් හට
යහපත සැපත සලසා සුරකින් සොදට

අමනුෂ්‍ය දෝස

අප සමාජයේ අනන්ත වත් අසන්නට ලැබෙන දෙයක් තමයි අමනුෂ්‍ය දෝස. මෙම ලිපියේ අරමුණ තමයි මොකක්ද මේ අමනුෂ්‍ය දෝස හා ඔවුන් කොහමද මිනිසුන්ට බලපෑම් කරන්නේ කියන එක පිළිබඳව අදහසක් දීම . අප ශරීරය තුලට විඥානය ඇතුලු උනාම තමයි ජීවයක් ලබන්නේ . ඒ වගේම කෙනෙක් මිය යනවිට ඔහුගේ ශරීරයෙන් මේ විඥානය පිට වෙනවා. එය මිය යන්නේ නෑ . නැවත ශරීරයක් ලැබෙන තුරු ඒවා පරිසරයේ සැරි සරනවා. මෙම විඥානය ඉතාමත් කුඩා අංශු වර්ගයකි.සාමන්‍ය ඇසට නොපෙනුනත් ඩිජිටල් කැමරාවකට මෙම අංශු අසු වෙනවා. එවිට එම අංශු එකතු වී රූපයක් ලෙස දිස් වෙනවා, කෙනෙක් මිය ගිය පසු එම නිවස ආසන්නයේ ඔහුගේ විඥානය සැරිසරනවා.ඒ වගේම එම මල කදේ කුණු ගදට තවත් පෙරේත ආත්ම හුගක් ඒ අසලට එනවා. එත් සාමන්‍යයෙන් ඔවුන්ට කෙනෙක්ගේ ඇගට ඇතුලු වෙන්න බෑ . ඇතුලු විය හැකි ආකාර 2යි . එකක් තමයි අපි ආහරයට ගන්න පිලිහුඩු ජාතියක් තුලින්. මස් , මාලු , කරවල , බිත්තර වගේ. ඔබ මලගෙදරකට ගිහින් ආහරයට ගන්නා විට හැකි හෑම විටම පිලිහිඩු ජාති ආහරයට ගැනීමෙන් වලකින්න . බැරි වෙලාවත් ඔබ ගන්න මාලු කෑල්ලට අර විඥානයක් ඇතුලු වී තිබුනොත් ඔහු ඔබේ ඇගට ඇතුලු වෙනවා. අනෙක රුධිරය. මෙම විඥානයකට ලේසියෙන්ම ඇතුලු වෙන්න පුලුවන් රුධිරය හරහා. එම නිසා තමයි අපේ මුතුන් මිත්තෝ මල ගෙවල් වල යනවිට තුවාල එහම තියාගෙන යන්න එපා කිව්වේ ඔය හේතු නිසා තමයි. නවීන විද්‍යාවෙන් නම් මේවට කියන්නෙ විෂබීජ කියලා. අද ඉන්න මිනිස්සු මේව පිලිගන්නේ නෑ. ඒ නිසා තමයි වෛද්‍යවරුන්ට වත් හොයාගන්න බැරි විදියට අද අනන්ත වත් පිරිසක් මිය යන්නේ . බුදු සරණයි. 
****************************************    ඔබේ අදහස comment කරන්න  **************************************

දහඅට සන්නිය

පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම දහඅටසන්නිය වශයෙන් ප්‍රසිද්ධය. තාම බලසම්පන්න ශාන්ති කර්මයක් වන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන්හැඳින්විය.

මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග කොරවීම, වලිප්පුව, මාන්දම, කෝල සන්නි, වායු පිත්, ගුල්ම වේලීම, උෂ්ණ, අඩස්සී ඔල්මාද වැනි රෝග පීඩා නැතිකිරීමට සන්නි යකුම නටනු ලබයි.

උත්පත්ති කථා පුවත

දහඅට සන්නි උපත මායාදුන්නේ රාජ්‍ය කාලයෙන් පසු සිදුවූ බවට මතයක් පැවතුනද එහි නිධාන කතාව ලෝක උත්පත්ති කථාව හා සම්බන්ධවේ. මෙහි උත්පත්ති ස්ථානය වශයෙන් හඳුන්වන්නේ ලිච්ඡවී රජ දරුවන් සිටි විශාලා මහනුවරයි. මෙම රජ පරපුරේ සංඛපාල නම් රජකු වූ අතර ඔහුගේ බිරිඳ අසුපාලි හෙවත් ආයුපාලි නම් විය. ඇගේ දාසිය හැඳින්වූයේ කාලි නමිනි. ආයුපාලි බිසව ගැබ්බරව සිටි කාලයක දිනක් ඇයට මී අඔ කෑමේ දොළක් ඇති විය. එදින සංඛපාල රජු යුද්ධය සඳහා අසල රටකට පිටත්ව ගොස්ය. බිසවගේ මී අඔ කෑමේ දොළ පිළිබඳව දැනගත් ප්‍රධාන ඇමති රජු නොමැති නිසා මී අඔ සපයා දෙන ලදී. බිසව‍ මී අඔ කන අතර කාලි දාසියටද මී අඔ කෑමේ රිසියක් ඇති වුවද එය ඉටු නොවූ නිසා බිසව සමඟ කෝපව ඇයගෙන් පලිගැනීම සඳහා රජ වෙත ගොස් මහ ඇමති සහ රජ බිසව අතර අනියම් සම්බන්ධක් පවතින බවට බොරු කියා රජ පවුල භේද කළේය.

එයින් කෝපයට පත්ව රජ බිසවගේ ගැබ්බර බවද නොසකා ඇයට වදදී මරා දෙකකුලෙන් පුබ්බේරිය ගසක එල්ලා දෙපළු කරන ලෙස නියෝග කල අතර එය එසේම ඉටුවිය. කළ පින් ඇති දරුවාගේ බලයෙන් පලු දෙකට හාවී උපන් දරුවා මවගේ ලේ සම් නහර අනුභව කරමින් වැඩී රාජ මුළු සන්නි යක්‍ෂයා හෙවත් කෝල සන්නි යක්‍ෂයා නමින් ප්‍රසිද්ධ විය. කවදා හෝ තම මව මැරෑ පලිය පියාගෙන් ගැනීමට සිතූ මෙම කුමරා විෂ මුසු ගෙඩි කොළ එකතු කොට විෂ ගුලි 18ක් නිපදවූ අතර එය දුටු ශක්‍රයා විෂ දිය ඉස යකුන් 18දෙනකු මැවූ බවත් ඔවුන් දහඅට සන්නිය නමින් ප්‍රසිද්ධ විය. එම සන්නි 18 වන්නේ,

භූත සන්නිය
අභූත සන්නිය
අමුක්කු සන්නිය
ව්‍යාධි සන්නිය
වාත සන්නිය
බිහිරි සන්නිය
ගෝල සන්නිය
කන සන්නිය
පිත් සන්නිය
කෝල සන්නිය
මුර්තු සන්නිය
දෙමළ සන්නිය
නාග සන්නිය
කොර සන්නිය
ගිනිජල් සන්නිය
ගුල්ම සන්නිය
ජල සන්නිය‍
දේව සන්නිය
මේ 18දෙනා එකතුව කුමරු වට කොට කෑම ඉල්ලා කරදර කරන්නට වූ අතර මෙය පිය රජුගෙන් පළිගැනීමට අවස්ථාවක් කරගත් කුමරු " මා ළඟ ආහාර නැත. විශාල මහනුවරට ගොස් සංඛපාල රජුගෙන් කෑම ඉල්ලා ගනුවයි " අණ කරන ලදී. මොවුන් විශාල මහනුවරට පැමිණ එහි කෙත්වතු භවභෝග විනාශ කරන්නට වීමත් සමඟ එහි ප්‍රථම දුර්භීක්‍ෂ ඇතිවිය. ආහාරපාන නැතිවීම නිසා රෝග භය පැතිරීම, මළ මිනි ගොඩවීම, මළ කුණු දුර්ගන්ධයට අමනුෂ්‍යයෝ එක්වීම යන ත්‍රිවිධ භය මෙනුර ඇතිවිය. රතන සූත්‍ර දේශනාවෙන් මෙ‍ම තුන්භය දුරු වූ බව ප්‍රසිද්ධය.

පූජා රටා විධි..

සන්නි යකුන් වීදි මාලාව සන්නි යකුන් යාගය සඳහා ඉදිකරනු ලබන තොවිල් මඩුවයි. මෙය තොරණ හතරකින් සමන්විත වන අතර තුනක් යකුන් උදෙසාද අනෙක් සතර දේව තොරණ ද වේ. එය දේව සමාගම වෙනුවෙන් වෙන් වූ තොරණයි. මෙම ශාන්ති කර්මය රාත්‍රි 8.00 ට ආරම්භ වි දොල පිදේනි තටුවල විලක්කු තොරණවල පහන් දල්වා ප්‍රධාන යකැදුරා විසින් ආතුරයා තොවිල් මඩුවට කැන්දා ඒමත් සමඟ ම ත්‍රිවිධ රත්නයට නමස්කාර කොට ආශිර්වාද පතා ආතුරයාව පැදුරක වාඩි කරවනු ලබයිග දෙපයට මොල් ගසක්, පොල් ගෙඩියක් තබා මල් පහන් පුජා කර මඟුල් බෙර වයා ආශිවාද සඳහා සැන්දෑ සමයේ නටනු ලැබේ.

මෙහි දෙවෙනි අවස්ථාව වන්නේ යකුන්ට පිදේනි දීම වේ. එක් එක් යකාට පිදේනි කැප කරන විට වෙස් මුහුණු, ඇදුම් පැළඳුම් වලින් ඒ ඒ යකාට නියමිත වේශය ආරූඪ කරගෙන යකැදුරන් පැමිණ නියමිත යකාගේ භුමිකාව නිරූපණය කරමින් තම තමන්ගේ තොරතුරු හෙළිකරමින් ගුරුන්නාන්සේ සමඟ සංවාදයක යෙදී පිදේනි කැප කරගනිති. මෙම පිදේනි කැපකිරීමට නැටුමට සහභාගී වන සෑම යකැදුරෙක්ම උඩුකය වසන හැට්ටයක් වැනි ඇඳුමකින් සැරසේ. පිදේනි කැප ගැනීමට පැමිණෙන සියලු යක්කු ‍බෙරකාර ගුරුන්නාන්සේ සමඟ සංවාදයක යෙදේ. මෙහිදී විහිළු තහළු, දෙපැත්ත කැපෙන කියුම්, වචන කනපිට පෙරළා කියුම් පමණක් නොව අසැබි වචන පවා භාවිතයට ගනු ලබන අතර අවසානයේ පිදේනි කැපගෙන ආතුරයාට සෙත්පතා යාමට පොරොන්දු කරවාගනී.


දේව බැල්ම වැටෙන්න.. දෙවියන්ට නිවැරදි වෙලවන්ට පහන තබන්න..

දෙවියන්ට නිවැරදි වෙලවන්ට පහන තබන්න..


දෙවිදේවාතාවුන්” වෙනුවෙන් නිවැරදිව පහන් තබන බොහෝ දෙනා තම තමන්ගේ කැමැත්ත හා විශ්වාසය මත තමා කැමති දෙවියන්ට පහන් දල්වයි. එය නිවැරදිය. සුදුසු වේලාවන්ට පහන් දැල්වීමෙන් ආශිර්වාදය ලබාගත හැක. මෙම කටයුත්ත නියමිත දිනට නියමිත Devotionවෙලාවට නිතිපතා වත්පිලිවෙත් අනුව කිරීමෙන් මහඟු ප්‍රතිපල අත්විඳිය හැකියි. නමුත් සමහර අය තමන්ට යම් කරදරයක්, ලෙඩක්, දුකක්, ඇතිවුණු විට යම් යම් දෙවිවරුන් උදෙසා පහන් තබයි. එය තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට කරන තාවකාලික යාදින්නකි. මෙවන් අයට දේව පිහිට ලැබිමට අපහසු වේ. විශේෂයෙන්ම දෙවියන්ට පහන් තැබිමේදී දැනගත යුතු කරුණු බොහොමයක් ඇත. පහන් පැල සාදන දිශාව නිවැරදි විය යුතුමය. ඔබගේ නිවසේ උතුරු, ඊසාන හා නැගෙනහිර දිශාවලින් මහත් සුබ පල ලද හැකිය. ඊසාන දිශාව වඩාත් සුබයි. අනෙක් දිශාවන් අතරින් මරු නැති දිශාව ඊසාන දිශාවයි.
පහන්පැල තබන ස්ථානය හා ඒ අවට සුද්ද පවිත්‍ර කර සුදු වැලි අතුරා පහන් පැල සාදා ගන්න. විශාල ඉඩමක නම් බ්‍රහ්ම පාදය සුදුසුයි.
* විශේෂයෙන්ම බුදුන් වහන්සේ වෙනුවෙන් පහන් තැබිමේදී සවස 5.24 සිට 5.48 දක්වා කාලය සුබයි.
දෙවියන් වෙනුවෙන් පහන් තැබිමේදී නියමිත කාලයන් ඇත. එම කාලවේලාවන් පිළිවෙළින් දක්වමු.

සවස 5.00 - 5.24 දක්වා ධර්ම දේවතාවුන්ට
සවස 5.24 - 5.48 දක්වා මහා බ්‍රහ්මයාට
රාත්‍රි 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දෙවියන්ට
රාත්‍රි 10.01 - 10.23 දක්වා ගම්බාර සූනියම් දෙවියන් ට
රාත්‍රි 10.23 - 10.47 දක්වා දැඩිමුණ්ඩ දෙවියන්ට
රාත්‍රි්‍ර 10.47 - 11.11 දක්වා කතරගම දෙවියන්ට
රාත්‍රි්‍ර 11.36 - 12.00 දක්වා සත්පත්තිනි දෙවියන්ට
රාත්‍රි්‍ර 12.00 - 12.12 දක්වා සරස්වතී දෙවඟනට
රාත්‍රි 12.12 - 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට
රාත්‍රි්‍ර 12.24 - 12.36 දක්වා ඊෂ්වර දෙවියන්ට
රාත්‍රි්‍ර 12.36 - 01.00 දක්වා හතරවරම් දෙවියන්ට
රාත්‍රි 01.00 - 01.24 දක්වා සුමන සමන් දෙවියන්ට
රාත්‍රි 01.24 - 01.48 දක්වා විභීෂණ දෙවියන්ට
රාත්‍රි 01.48 - 02.00 දක්වා ශක්‍ර දෙවියන්ට

දේව ආශිර්වාදය පතා පහන් දැල්වීම් නොකළ යුතු වේලාවල් පහත දක්වමු. සවස 6.00ට සිට රාත්‍රී 10.00 දක්වා කාලය යක්ෂ දිෂ්ටි බැල්ම හෙලන වේලාව බැවින් පහන් දැල්වීමෙන් වළකින්න.
රාත්‍රි - 6.00 - 6.24 දක්වා මහසෝන් දිෂ්ටිය

රාත්‍රි - 6.24 - 6.48 දක්වා රීරියක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 6.48 - 7.12 දක්වා සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 6.12 - 7.36 දක්වා කඩවර දිෂ්ටිය
රාත්‍රි - 7.36 - 8.07 දක්වා කළුකුමාර දිෂ්ටිය
රාත්‍රි - 8.07 - 8.24 දක්වා භද්‍රකාලි දිෂ්ටිය
රාත්‍රි - 8.24 - 8.48 දක්වා මදන යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 8.48 - 9.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටිය
රාත්‍රි - 9.12 - 9.36 දක්වා බහිරව දිෂ්ටිය
රාත්‍රි - 9.36 - 10.01 දක්වා කොහොඹ යක්ෂ දිෂ්ටිය

Thursday, October 9, 2014

ගම්බාර ශ්‍රී සිද්ධ සූනියම් දෙවිදුනි.. ඔබවහන්සේට උපහාරයක්ම වේවා.!

ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්ස.
 

                            දිලුත් දිමුතු සුදු සලු පලදින්නේ
                            අලුත් නුවර වැඩ තේව කරන්නෙ
                            මලුත් පිච්ච මල් සුවද ලබන්නෙ
                            තෙදැති සූනියම් දෙවිදු වඩින්නෙ...   

ගම්බාර ශ්‍රී සිද්ධ සුනියම් දෙවියන් ගැනනම් කතා බොහොමයි.. එහෙනම් ඔන්න සුනියන් දෙවියන් වරම් ගත්ත ආකාරය ... ඒ වගේමයි උන්වහන්සේගේ උප්පත්ති කතා ..  ඒ සම්බන්ධව නම් කතා ගොඩක් තියෙනවා ඉන් එක කතාවක් මෙතනින් ගිහින් බලන්න..

සුනියම් දෙවිදු ගේ ගම්බාර අවතාරය